Pips
Forex trade කරන විට Pips, Pipettes වැදගත් වන ආකාරය තවදුරටත්
සලකා බලමු. මෙහිදී වැදගත් වන්නේ Pip එකක වටිනාකම
පිළිබඳ අවබෝධයක් තිබීමයි. මෙහිදී Forexවල currencies මිලදී ගැනීම හෝ විකිණිම සිදුකරන්නේ Lotsවලිනි
උදාහරණයක්
සැලකූ විට
EUR/USD =
1.2345 නම් EUR/USD Pip එකක වටිනාකම කීයද?
Pip එකක් කියන්නේ 4 වැනි දශමස්ථානයේ වෙනසක් නිසා,
Pip එකේ වටිනාකම EUR වලින් = 0.0001 / 1.2345
= 0.0000810044552
උත්තරය 0.000081 වේ. මෙම පිළිතුර ලැබුණේ EUR වලින් බව පැහැදිලි වේ.
දැන් EUR/USD = 1.2345 කියන rate එකට Pip එකක වටිනාකම EUR 1ක් මිලදී ගත්විට ලැබෙන Pip එකක වටිනාකම වේ.
EUR Lot එකක් මිලදී
ගත්විට ලැබෙන Pip එකක වටිනාකම වන්නේ.
EUR/USD = 1.2345,
EUR 1ක් මිලදී ගැනීමේ දී ලැබෙන Pip එකක වටිනාකම = 0.000081
එමනිසා EUR Lot එකක් මිලදී ගතහොත් ලැබෙන Pip එකක වටිනාකම = 0.000081 X 100,000
= EUR 8.1
උදාහරණයක්
සැලකූ විට EUR/USD rate
එක 1.2345 විට EUR Lot එකක් මිලදී ගත්පසු EUR/USD rate එක 1.2352 දක්වා ඉහල ගියවිට ලැබී ඇත්තේ ලාභයක්ද, අලාභයක්ද?
EUR/USD = 1.2345 හා පසුව EUR/USD = 1.2352
ලභය හෝ අලාභය Pips වලින් = 1.2352 - 1.2345 = 0.0007
ලාභය Pips 7ක්
trade එක close කරන price එක EUR/USD = 1.2352
trade එක close කරන විට Pip එකක වටිනාකම = 0.0001/1.2352
= 0.00008095
අපි EUR lot එකක් ගත් නිසා Pip එකක වටිනාකම = 0.00008095 X 100,000
= EUR 8.095
ඒ නිසා අපේ ලාභය EUR වලින් = 8.095 X 7
= EUR 56.67
මෙම උදාහරණයේදී සලකා බැලුවේ EUR/USD rate එක 1.2345 විට EUR Lot එකක් නැතහොත් EUR 100,000ක් මිලදී ගනු ලබයි. පසුව EUR/USD rate එක Pip 7කින් වැඩිවූ විට අපිට ලැබුනු ලාභය වන්නේ EUR 56.67. EUR 100,000ක් මිලදී ගෙන rate එක Pip 7කින් ඉහල ගිය විට අපට EUR 56.67ක ලාභයක් ලැබී ඇත. ROI (Return on the Investment) එක නැතහොත්
"ආයෝජනය කල මුදලට ලැබුනු ප්‍රතිලාභය" සාපේක්ෂ වශයෙන් අඩු බව පෙනේ. එහෙත්
Leverage ගැන අවධානය
යොමු කල විට අප භාවිතා කරන Broker 100:1 Leverage එකක් දෙනවා නම් EUR 100,000 ක් ගැනීම සඳහා වැයවන්නේ EUR 1000ක් පමණි. එවිට 1000කින් 56.67ක් ලබාගැනීම ප්‍රමාණවත්ය.
අප Forex broker සමඟ account එකක් open කරන විට අපේ account එකේ ප්‍රධාන currency එක ලෙස කුමන හෝ currency එකක් තෝරා ගත යුතුය. බොහෝ විට අප
තෝරා ගන්නේ currency වර්ගයUSD වේ.
අපි අපේ account currency ලෙස USD select කල බැවින් සෑම විටම අපේ account එකේ ලාභය හෝ අලාභය (Profit or Loss) පෙන්වන්නේ USD වලින්ය . ඉහත උදාහරණයේ profit එක EURවලින් 56.67ක්. එය USD වලට පරිවර්තනය කල විට USD ගණන කීයද?
Profit in USD = EUR 56.67 X 1.2352
= USD 69.998
ආසන්න වශයෙන් USD 70 පමණ වේ.
මෙහිදී Forex account එකේ currency එක USD නම් currency pairs වල USD 2වැනියට (එනම් USD quote currency ලෙස) තිබෙන සෑම currency pair එකකම Pip 1ක වටිනාකම USD 0.0001. එනම් EUR/USD, GBP/USD, AUD/USD currency pairs 3ම USD 2වැනියට තියෙන නිසා අපට Pips ගණන සහ Lots ගණන ලබාගත් විට පහසුවෙන්ම profit එක හෝ loss එක ගණනය කල හැකිය. දැන ඉහත ගණනය කිරිම නැවත සලකා බලමු.
EUR Lot එකක් මිලදී ගෙන
Pips 7ක profit එකක් ලැබූ විට එම profit එක USD වලින් ගත්විට,
Profit in USD = (Pip value) X (No. of Pips)
X (Currency Units)
= 0.0001 X 7 X 100,000
= 70
Forex
account එකේ currency එක USD නම් හා අප trade කරන currency pair එක EUR/USD, GBP/USD හෝ AUD/USD නම්,
|
Currency
Units |
Value of a
pip in USD |
|
1 Lot
(100,000) |
10 |
|
1 Mini Lot
(10,000) |
1 |
|
1 Micro
Lot (1,000) |
0.1 |
|
1 Nano Lot
(100) |
0.01 |
|
3 Mini
Lots (30,000) |
1X3 = 3 |
|
4.5 Lots
(450,000) |
4.5X10 =
45 |
දැන් USD base currency ලෙස ඇති currency pairs වල Pip එකක වටිනාකම ලබාගන්නා අකාරය සලකා
බලමු. උදාහණ ලෙස USD/JPY pair
එක ගනිමු.
USD/JPY = 83.45 නම් අදාල currency pair එකේ Pip එකක වටිනාකම සොයන්න,
Pip එකක වටිනාකම (JPY pairs වල Pip එකක් දැක්වෙන්න 2වැනි දශමස්ථානයෙන් බැවින්),
= 0.01 / 83.45
= 0.0001198
මෙහිදී උත්තරය ලැබෙන්නේUSD වලින්ය. එනම් USD 0.0001198
අපි USD/JPY = 83.45 rate එකට Lot එකක් මිලදී ගත්තා නම් Pip එකක වටිනාකම,
= 0.0001198 X 100,000
= USD 11.98
තවද EUR/GBP ලෙස ඇති pair එකක් trade කල විට Pip වටිනාකම සෙවීම සඳහා
අපිට EUR/GBP rate
එක වගේම, currency pairs එකේ quote currency එක හා අපේ account currency එක තියෙන currency pair එකේ rate එකත් දැනගෙන සිටිය යුතුය. එනම් EUR/GBP rate එක හා GBP/USD rate එකත් දැනගෙන සිටිය
යුතුය. (හේතුව වන්නේ අපේ account
currency එක USD නිසා.).
උදාහරණයක් ලෙස EUR/GBP ගත්විට,
EUR/GBP = 0.8465 දී Mini-lot එකක් මිලට ගෙන Pip 10ක් ලබාගත් පසු trade එක close කළේ නම්,
profit එක සෙවීම සඳහා, trade එක close කරන විට GBP/USD = 1.6001,
Pip එකක වටිනාකම GBP වලින් = 0.0001
Pip එකක වටිනාකම USD වලින් = 0.0001 X 1.6001
= 0.00016001
එම නිසා profit එක USD වලින් = 0.00016001 X 10 X 10000
= 16
අපි තව වෙනස්
උදාහරණයක් බලමු.
EUR/JPY = 113.04 දී Lot එකක් මිලට ගෙන Pip 15ක් ලබාගත් පසු trade එක close කළේ නම්
profit එක සෙවීම සඳහා, trade එක close කරන විට USD/JPY = 83.45
Pip එකක වටිනාකම JPY වලින් = 0.01
Pip එකක වටිනාකම USD වලින් = 0.01 / 83.45
= 0.0001198
එම නිසා profit එක USD වලින් = 0.0001198 X 15 X 100,000
= 179.70
Bid, Ask හා Buy, Sell orders
Metatrader හි Currency Pairsවල rates කොටුවේ එක් Currency Pair එකකට rates (prices) 2ක් ඇති අතර ඉන්
එකක් "Bid" වන අතර අනෙක
වන්නේ "Ask" ය. එනම් Currency Exchange Rate එකක් පෙන්නුම්
කරන විට rates 2ක් ලෙස ඇති අතර එය
"ගැනුම් මිල" හා "විකිණුම් මිල" වශයෙන් හැඳින්වේ. මෙහිදී
ගැනුම් මිල යනු Broker අපගෙන් ගන්නා මිල හා
විකිණුම් මිල යනු Broker අපහට විකුණන
මිල වේ. සෑම විටම Ask එකේ අගය Bid එකේ අගයට වඩා වැඩිවේ. Bid හා Ask අතර වෙනස හඳුන්වන්නේ
Spread ලෙසය. Stock Market (Share Market) එකේ වගේ Forex Market එකේ Brokerලා Commission ගන්නේ නැති අතර Forex brokerලාගේ ලාභය Spread එක වේ. මෙම Spread එක සාමාන්‍යයෙන් අපි දක්වන්නේ Pips වලින්ය.
උදාහරණයක් ලෙස
EUR/USD ගත්විට .
EUR/USD = 1.3551/1.3554 නම් Spread එක කීයද?
Bid හා Ask අතර වෙනස Pips වලින් = 1.3554 - 1.3551
= 0.003
= Pips 3
එම නිසා Spread එක = 3 Pips
Stock Market ලෙස නොව Forex Market එකෙහි Currency Pairs එකක Currency 2ක් ඇති අතර, ඒ
හේතුවෙන් අප හට දෙපැත්තටම trade කිරීමට හැකිය.
උදාහරණයකට EUR/USD Currency pair සලකා බලමු. මෙම
Currency
pair හි වෙනස්කමක්
සිදුවිය හැකි ක්‍රම 2ක් ඇත. එකක් EUR වටිනාකම USD වලට සාපේක්ෂව ඉහල යැමට හැකි අතර, USDවල වටිනාකම EUR වලට සාපේක්ෂව ඉහල යෑමටද හැකිය.
EURවල අගය ඉහල යයි
ලෙස උපකල්පනය කලහොත්අපි EUR/USD pair
එකේ "Buy Order" එකක් දැමිය
යුතුය. Buy Order එකට කියන තවත්
නමක් වන්නේ "Long" . EUR/USD Long කරනවා කියන්නේ
අපි EUR/USD Buy
order එකක් දානවා යන
අදහසය. සැම විටම Currency pair එකක් Buy (Long) කරද්දී Ask කියන rate එක තමයි අපට ලැබේ. එය අපේ Borker Currency pair එක විකුණන මිල බැවිනි.
USDවල අගය ඉහල යයි
ලෙස උපකල්පනය කලහොත් (එනම් EUR වල අගය පහල යයි කියලා හිතනවා
නම්) අපි EUR/USD pair
එකේ "Sell Order" දැමිය යුතුය. Sell Order එකට කියන තවත් නමක් තමයි "Short". EUR/USD Short කරනවා කියන්නේ EUR/USD pair එකේ Sell Order එකක් කරනවා යන අදහසය. සැමවිටම Currency pair එකක් Sell (Short) කරද්දී Bid කියන rate එක ලැබේ. එනම් Broker අපෙන් Currency pair එකක් ගන්න මිල
වේ.
Buy Order එකක් කලපසු ඒ Order එක close කරන්න අපි කරපු දේට ප්‍රතිවිරුද්ධ දේ කළ යුතුය. එනම් අපි Buy කර ඇත්නම් නම් trade එක close කරන්න අපි එය Sell කළ යුතුය. එලෙසම අපි Sell කර ඇත්නම් trade එක close කිරීමට නැවත Buy කළ යුතුය. නමුත්
මෙය Metatrader එකේ automatically සිදුවේ. එනම්
අපහට ඇත්තේ අපට අවශ්‍ය Currency
pair එක Buy හෝ Sell කරන එක වන අතර පසුව අපිට ඇත්තේ trade එක close කිරීමට පමණි. Metatrader එකෙන් Sell orders, Buy කරලත් Buy orders, Sell කරලත් අදාල විදිහට close කෙරේ.අප සෑම විටමBuy order එකක් open කරන්නේ Ask කියන rate එකෙන් වන අතර එය close කරන්නේ Bid කියන rate එකෙන්ය.Sell order එකක් open කරන්නේ Bid කියන rate එකෙන් වන අතර close කරන්නේ Ask කියන rate එකෙන්ය.
දැන් අපි Metatrader එකේ trade එකක් සිදුකල විට එය වෙන ආකාරය පැහැදිලි කරගනිමු.
පළමුව සලකා
බලමු EUR/USD pair
එක. අපි Leverage එක 100:1 ලෙස සලකමු. ඒ වගේම අපේ account currency එක USD ලෙස ගනිමු.
EUR/USD = 1.2757/1.2759 (1.2757 Bid price එක හා 1.2759 යනු Ask price එක) විටදී අපි Buy order එකක් සිදුකරමු currency Mini-Lot එකක්. දැන් අප
සිදුකරනනේ Buy order එකක් නිසා Ask rate එක ගත යුතුය. එනම් 1.2759 rate එකය.
EUR min-lot එකක් ගැනිමට 10,000ක් ගන්න අවශ්‍ය USD ගණන වෙන්නේ,
USD = 10,000 X 1.2759
= 12,759
Leverage එක 100:1 නිසා = 12,759 / 100
= USD 127.59
මෙම USD 127.59 අපේ account balance එකෙන් අඩුවන අතර නැවත ලැබෙන්නේ අපි trade එක close කළ පසුවය. අපේ account එකෙන් USD 127.59ක් අඩු වුවද අප ලඟ EUR 10,000ක් තිබේ. එහෙත්
EUR 10,000 අපි ගාව තිබුනද අපිට එය ගත
නොහැකිය. මෙය virtual
money වගේය. අපිට ඒ EUR 10,000 (Mini-Lot) එක ගන්න USD 12,759ක් ගොස් ඇති අතර, එහෙත් Broker අපෙන් ලබාගෙන ඇත්තේ ඒ ගණනෙන් 1%. Leverage එක100:1 බැවින්. නිවැරදි ලෙස නම් අපි මුලු
ගණනින් 1%ක් යොදා ඇති
අතර, Broker 99%ක් යොදා ඇත.
පැය කීපයකට
පසුව rate එක EUR/USD 1.2768/1.2770 දක්වා ඉහල ගොස් ඇත්නම්
අපි ඒ price එකේදි trade එක close කර ඇතැයි සිතමු. දැන් අපේ EUR 10,000ට USD කීයක් ලැබේදැයි
බලමු. Buy Order එක close කරද්දී අපි
පාවිච්චි කරන්නේ Bid කියන rate බැවින් ලැබෙන USD ගණන වෙන්නේ,
USD ගණන = 10,000 X
1.2768
= 12,768
දැන් අපිට profit එක හරි loss එක හරි කීයද කියලා බලන්න පුළුවන්. EUR 10,000ක් ගන්න අපිට USD 12,759ක් ගියා (Leverage එක නිසා අපි Broker ට දුන්නේ USD 127.59ක් පමණයි.) පසුව අපි ඒ EUR 10,000 විකිණු බැවින් USD 12,768ක් ලැබී ඇත. එනම් ලාභයක් ලැබී ඇත.
Profit in USD = 12,768 - 12,759
= USD 9
අපේ ලාභය USD 9ක්.
Pip වටිනාකම අනුව
අපේ profit එක ගණනය කල විට
EUR/USD = 1.2757/1.2759 දී Buy Order එක කරලා EUR/USD = 1.2768/1.2770 trade එක close කලා
ගත් මිල (Buy order එකක් නිසා Ask price එක) = 1.2759
trade එක close කල මිල (Buy order එක close කරන විට Bid price එක නිසා) = 1.2768
profit එක Pips වලින් = 1.2768 - 1.2759 = 0.0009 = Pips 9
Account currency එක USD නම් USD quote currency වන pairs වල Pip එකක් අගය = USD 0.0001
එම නිසා profit එක = 9 X 10,000 X 0.0001
= USD 9
උත්තර 2කම සමානයි නේද?
දැන් අපි බලමු Sell Order ක්‍රියා කරන ආකාරය
EUR/USD = 1.4325/1.4328 විටදී අපි Sell order එකක් කරනවා currency Mini-lot එකක්. Sell order එකක් නිසා Bid rate එක ඒ කියන්නේ 1.4325 කියන rate එක තමයි අපි
පාවිච්චි කරන්නේ. දැන් අපි EUR sell කරන්න ගියාට අපි ගාව EUR නෑනෙ. අපේ account currency එක USD නිසා අපි ගාව තියෙන්නේ USD විතරයි. මෙතනදී සිදුවන්නේ දැන් rate එකට අදාලව EUR mini-lot එකක්, ඒ කියන්නේ 10,000ක් ගන්න යන USD ගණන අපේ account balance එකෙන් අඩුවෙන
එක. ඒ කියන්නේ හරියට අපි EUR mini-lot එකක් අරන්
විකුණලා USD ගත්තා වගේ.
දැන් අපි බලමු EUR mini-lot
එකක් ගන්න USD කීයක් යනවද කියලා.
EUR mini-lot එකට අවශ්‍ය USD ගණන = 1.4325 X 10,000
= 14,325
Leverage එක 100:1 නිසා = 14,325 / 100
= USD 143.25
දැන් මේ USD 143.25 අපේ account balance එකෙන් අඩුවෙනවා. නමුත් අපි EUR 10,000ක් විකුණලා ගත්ත USD 14,325ක් අපි ළග ඇති අතර පැය කීපයකට පසුව rate එක EUR/USD=1.4305/1.4308 දක්වා පහල ගොස් ඇත. අපි ඒ price එකේදි trade එක close කලා යැයි සිතමු.
දැන් අපේ EUR 10,000ක් දී ලබාගත් USD 14,325ට අපිට නැවත ලැබෙන EUR ප්‍රමාණය බලමු.
EUR/USD = 1.4305/1.4308 Sell order එකක් නිසා close කරද්දී ගන්නේ Ask price එක
ඒ නිසා USD 14,325 ට ලැබෙන EUR ගණන = 14,325 / 1.4308
= EUR 10,011.88
අපිට ලැබුනු profit එක EUR වලින් = 10,011.88 - 10,000
= EUR 11.88
අපි බලමු අපේ profit එක USD වලින් = 11.88 X 1.4308
= USD 16.99
එනම් පිළිතුර = USD 17
දැන් අපි මෙය Pipsවල වටිනාකම අනුව සලකා බලමු.
EUR/USD = 1.4325/1.4328 හා පසුව EUR/USD = 1.4305/1.4308
Sell order එක open කල price එක = 1.4325
Sell order එක close කල price එක = 1.4308
Sell order එකක් නිසා ලබාගත් Pips ගණන ගණනය කරන්න trade එක open කරපු price එකෙන් trade එක close කරපු price එක අඩු කරන්න
ඕනෙ.
= 1.4325 - 1.4308
= 0.0017
Pips ගණන = Pips 17
account currency එක USD හා EUR/USD වල quote currency එක USD නිසා
profit එක = 0.0001 X 17 X 10,000
= USD 17
Candlestick charts
හැබැයි මේ chart එකෙන් අපිට Currency pairs එකේ price movement එක ගැන වැඩි
අදහසක් ගන්න බෑ. මොකද මේක data එන එන පාරට points හැදිලා chart එක හැදෙන නිසා. ඒ නිසා Forex tradersලා මේ price data තේරුම් ගැනීමේ පහසුව සඳහා හොයාගත්ත
එක්තරා chart එකක් තමයි මේ Candlestick chart කියලා කියන්නේ. දැන්
ඔයාලා දන්නවානේ Candlestick
chart එක ගන්න විදිහ.
දැන් EUR/USD pair එකේ Candlestick chart එක screen එකට අරගෙන ඔයාලට candles හොඳට පේන විදිහට Zoom In button එක පාවිච්චි කරලා ලොකු කරගන්න. Candlestick chart වල හැම candle එකක්ම සම්පුර්ණවෙන්න යන නිශ්චිත කාලයක්
තියෙනවා. ඒ කාලය තමයි මම පහත රූපසටහනේ රතුපාට රවුමකින් සටහන් කරලා තියෙන්නේ.
ඒකෙ තියෙන්නේ H1 කියලා නේද? මේකේ තේරුම තමයි මේ chart එකේ දැක්වෙන හැම candle එකක්ම හැදෙන්න "පැයක්" යනවා
කියන එක. තවත් විදිහකින් කියනවා නම් එක candle එකක් ඇතුලේ පැයක් ඇතුලත වෙනස් වෙච්ච price data තියෙනවා.
දැන් ඔයාලා M1, M5, M15, M30, H4, D1, W1, MN කියන buttons click කරලා බලන්න
මොකද වෙන්නේ කියලා. Chart එකේ හැඩය ටික
ටික වෙනස් වෙනවා නේද?
M1 - කියන්නේ හැම candle එකකින්ම විනාඩියක් ඇතුලත වෙච්ච price data වල
වෙනස්වීම පෙන්වනවා
M5 - කියන්නේ හැම candle එකකින්ම විනාඩි 5ක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම පෙන්වනවා
M15 - කියන්නේ හැම candle එකකින්ම විනාඩි 15ක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම පෙන්වනවා
M30 - කියන්නේ හැම candle එකකින්ම විනාඩි 30ක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම පෙන්වනවා
H1 - කියන්නේ පැයක් ඇතුලත වෙච්ච් price data වල වෙනස්වීම
H4 - කියන්නේ පැය 4ක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම
D1 - කියන්නේ දවසක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම
W1 - කියන්නේ සතියක් ඇතුලත වෙච්ච් price data වල වෙනස්වීම
MN - කියන්නේ මාසයක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම
උදාහරණයක්
විදිහට අපි MN කියන chart එක ගත්තොත් ඒකේ එක candle එකක් සම්පූර්ණවෙන්න මාසයක් යනවා.
මාසයක් ඇතුලත වෙච්ච price
movement එක ඒක ඇතුලේ ගැබ්
වෙලා තියෙනවා.
දැන් H1 කියන chart එක select කරගන්න. මේ chart එකේ ඔයාලට පේන්න ඇති ප්‍රධාන
වශයෙන් candles ජාති 2ක් තියෙනවා. එකක කඳ කළුපාටයි, අනිත් එකේ කඳ සුදු පාටයි. මේ chart එකේ විදිහට සුදු පාට candle එකෙන් පෙන්වන්නේ "පැය" පටන් ගද්දී තිබනු price එකට වඩා පැය ඉවර වෙද්දී price එක අඩුවෙලා කියන එක. ඒ වගේම කළුපාට candle එකෙන්
පෙන්වන්නේ "පැය" පටන් ගද්දී තිබුනු price එකට වඩා පැය ඉවර වෙද්දී price එක වැඩි වෙලා කියන එක.
රූපසටහන ඔයාලට
පේනවා නේද? මේ chart එකේ විදිහට කළුපාට candle එකක් හඳුන්වන්නේ Bull candle ලෙසින්ය. එලෙසම සුදුපාට candle එකක් හඳුන්වන්නේ Bear candle එකක් ලෙසය. සාමන්‍යයෙන් සම්මත ක්‍රමය වන්නේ Bull candles කොල පාටටත් Bear candles රතු පාටින් තැබීමය.
Candles වල Open price හා Close price එක අතර කොටස හඳුන්වන්නේ Candle body ලෙසය. කූරු වගේ Body එක දෙපැත්තේ තියෙන ඒවා හඳුන්වන්නේ Shadow නැතහොත් Wick ලෙසය. candles සැම විටමමේ ආකාරයටම නොමැති අතර chart එක drag කර බැලූවිට
ඇතැම් candlesවල Body නොමැති අතර තවත් සමහර candles වල wicks නොමැත. තවත් සමහර candlesවල wicks ඇත්තේ එක පැත්තක
පමණක් වේ. සෑම විටම candlestick chart සකස් වන දත්ත ලෙස භාවිතා වන්නේ Currency pair එකෙහි Bid price එකය.
ඉහත රූපසටහනේ රතු පාට රවුම් 2කින් සටහන් කරලා තියෙන තැන් 2ක බලන්න .
මෙහි සෑම විටම පෙන්වන්නේ
දැනට හැදෙමින් පවතින candle එකේ Open price, High price, Low price හා Close price යන විස්තර වේ.
මෙම Market එක
study කිරීම
හඳුන්වන්නේ Market analysis ලෙසය. Market එක analyze කරන ප්‍රධාන ක්‍රම 2ක් ඇති අතර පළමුවන්න Technical analysis වන අතර දෙවැන්න Fundamental analysis.වේ.