Account Balance, Equity, Margin, Free margin හා Margin level -

 

Account Balance, Equity, Margin, Free margin හා Margin level -

Forex trader කෙනෙක් Forex වලින් සාර්ථක වීම සඳහා Money management ප්‍රධාන සාධකයක් වේ.

මෙහිදී ඔබගේ Metatrader හි open කරඇති  tradesවල එකක් පමණක් ඇති විට සලකා බලමු. උදාහණය සඳහා ගනු ලබන Currency pair එක EUR/USD, Lots ගණන 0.1, Buy හෝ Sell යොදා ඇති විට Chart එකට පහලින් ඇති Terminal හි  Trade tab එක බලන්න.





Balance account එකේ දැනට ඇති ප්‍රමාණයයි. එහෙත් දැනට open කර ඇති order එක මෙයට ඇතුලත් නොවේ.  එම order එක close කළ පසු Balance එක update වේ. උදාහරණයේ ආකාරයට  balance එක USD 10007.00.

Equity
යනු දැනට open කර ඇති trade එකෙහි  profit හෝ loss එකත් ඇතුලත්ව account balance එක වේ.

Equity = Balance + (Profit or loss)
 =
10007.00 + (-19.00)
 =
10007.00 - 19.00
 =
9988.00


Margin

අප trade එකක් open කළවිට broker අපගේ account එකෙහි ඇති මුදලින් කිසියම් ප්‍රමාණයක් අඩු කරගන්නා අතර එම මුදල නැවත ආපසු trade එක close කළවිට ලැබේ. Margin යනු එම මුදලයි.

උදාහරණ

Sell order කල price එක = 1.3791
Currency  
ප්‍රමාණය = 0.1 Lots = 10,000
අවශ්‍ය USD ගණන = 1.3791 X 10,000
  = 13,791
Leverage
එක 100:1 නම්  = 13,791 / 100
  = 137.91

එනම් අපගේ account එකෙන් Margin එක විදිහට USD 137.91ක් අඩුවිය යුතු අතර එහෙත් එය USD 34.48 ක් ලෙස පෙන්වයි. එනම් මෙහිදී Broker අප හට  100:1ට වඩා වැඩි ගණනක Leverage එකක් ලබා දී ඇත. දැන් Brokerඅපි අපට ලබාදී ඇති Leverage එක ගණනය කර බලමු.


අවශ්‍ය USD ගණන = 1.3791 X 10,000
  = 13,791
අපගේ Margin එක = 34.48
Leverage
එක = 13,791 / 34.48
 = 399.97

එනම් Broker අපහට 400:1 Leverage එකක් ලබාදී ඇත.


Free margin

 Free margin, යනු Equity එකෙන් Margin එක අඩු කළ විට ලැබෙන අගය වේ.

 
Free margin = Equity - Margin
 = 2988.00 - 34.48
   = 2953.52


Margin Level

මෙය එක ගණනය කරනු ලබන්නේ පහත දැක්වෙන සූත්‍රයෙන්, ඒ වගේම Margin level එක පෙන්වන්නේ ප්‍රතිශතයක් ලෙස වේ.

Margin level = (Equity / Margin) X 100


Margin level = (2988.00 / 34.48) X 100
 =  8665.89%

රූපසටහනේ ඇති අගය 8666.52%  වන අතර අගයන් දෙකෙහි වෙනසක් ඇත. මෙයට හේතුව වන්නේ Metatrader එක මේ ගණන පෙන්වන්නේ වෙනස් ආකාරයකටය. එනම්,
Margin level = (2988.00 / (13,791/400)) X 100

(
මෙතන 13,791 කියන්නේ EUR Mini-lot එක ගන්න යන USD ගණන. 400 කියන්නේ Leverage එක.)

 = (2988.00 / 34.4775) X 100
 = 8666.52%


Margin Call

 Margin Level එක 100% සීමාවකට වඩා අඩුවු පසු මෙය සිදුවේ. පසුව  අපගේ account එකෙහි Margin level එක 100% වඩා අඩුවූ පසු broker automatically අපේ trades close කරනු ලබයි. සමහර විට ඇතැම්  brokerලාගේ මෙලෙස සීමාවන් 2ක් ඇති අතර Margin Call ලෙස හා Stop out level ලෙස හඳුන්වයි.

 

 

Stop Loss හා Take Profit


Stop Loss

මෙය trade එක loss දෙසට ගියවිට එය තවත් යාමට ඉඩ නොදී එම trade එක close කිරීමට භාවිතා කරනු ලබයි. Stop loss  අපහට trade එක open කරන විටදී හෝ trade එක open කර පසුව යෙදීමටත් හැකිය. මෙලෙස Stop loss අගය යෙදූ විට සිදුවන්නේ Currency pair එකෙහි price එක Stop loss අගයට සමාන වූ විට අපගේ trade එක auto close වේ. මෙම Stop loss අගය තීරණය කරන ආකාරය පසුව පැහැදිලි කෙරේ
Take Profit

මෙයද Stop loss අකාරයම වන අතර Stop loss එකෙහි අනෙක් පැත්ත වේ. එනම් trade එක profit දෙසට යන විට අපිට අවශ්‍ය අගයකදී trade එක close කරගැනීම සඳහා Take profit අගය යොදනු ලබයි.

  


Stop loss in pips of a Sell order = (Stop loss price ) - (Sell order opened price)

  = 1.4365 - 1.4326

  = 40 Pips

 

Take profit in pips of a Sell order = (Sell order opened price) - (Take profit price)

   = 1.4325 - 1.4265

   = 60 Pips

 

 





 

 

Forex trader types

 

Forex tradersලා ප්‍රධාන වශයෙන් වර්ග 4ක් ඇති අතර පහත විස්තර කර ඇත.

 

Scalpers

 

Metatrader එකෙහි M1, M5, M15, M30, H1, H4, D1, W1, MN ලෙස time framesවලින් charts ගත හැකි අතර M1, M5, අකාරයේ chartsවල trades open කරයි නම් මෙම Scalpers කියන tradersලා වර්ගයට අයිති වේ.

 

Day traders

 

Metatrader එකෙහි සාමාන්‍යයෙන් M15, M30, H1 වගේ time framesවල trade කරන tradersලා මෙම වර්ගයට අයිති වේ. දිනයක් ඇතුලත trade එකක් open කර එදිනම සාමාන්‍යයෙන් එය close කරනු ලබයි.

 

Swing traders

 

මෙම වර්ගයට අයත් tradersලා M30, H1, H4 හා D1 charts භාවිතා කරයි. බොහෝ විට trade එකක් open කර දවස් 2-3ක් හෝ එයට වඩා වැඩි දිනගණනක් පවත්වාගෙන යයි. මෙම වර්ගයේ අය සාමාන්‍යයෙන් එක trade එකකින් Pips 50-200 හෝ එයට වඩා ප්‍රමාණයක් දක්වා අගයකයට යයි. දවසේ trade කළ යුතු වේලාව පිළිබඳ නිශ්චිත නැත.

 

Position traders

 

Forex tradingවල පහසුවෙන්ම ඉගෙන ගත හැකි හා කළ හැකි අකාරයයි. බොහෝ ක්ෂේත්‍රයට පැමිණෙන නවකයින් අවධානය යොමු කිරීමට මැලිවන අතර එහෙත් හොඳම ක්‍රමය මෙයයි. මෙහිදී trade එකක් open කළ විට ඒක close කිරීම ඇතැම් විට සති ගණනක් හෝ මාස ගණනක් වුවත් ගතවිය හැකිය. භාවිතා කරන  time frames  වන්නේ H4, D1, W1, MN1 වේ. Profit target එක Pip 200-2000ක් හෝ එයට වඩා වැඩි ගණනක් හෝ විය හැකිය.

 

Forex trade කල යුතු වේලාවන්

 

 

 

 

Forex market එක සැම සතියකම සඳුදා උදේ 8.00ට බැංකු විවෘත කිරීමත් සමඟම Wellington (New Zealand)වලින් ආරම්භ වේ. මෙය අපේ රටේ වේලාවෙන් සඳුදා උදේ 00:30 (පාන්දර 12:30) වේ. පසුව පිළිවෙලින් Sydney (Australia), Tokyo (Japan), Frankfruit (Germany) හා London (UK) වල markets හා අවසානයේ New York (USA) market ආරම්භ වේ. දළ වශයෙන් ලංකාවේ වෙලාවෙන් forex market එක සඳුදා 00:30 සිට සෙනසුරාදා 03:30 දක්වා ක්‍රියාකාරීව පවතී.

ඒ ඒ රටවල්වල markets open වන අවස්ථාවේදී ඒ ඒ රටවල්වල currencies සම්බන්ධ Currency pairsවල volatility එක ඉහල යයි. 

 

Wellington (New Zealand) - NZD සම්බන්ධ currency pairsවල ක්‍රියාකාරිත්වය වැඩිවේ. (NZD/USD, NZD/JPY etc.)

Sydney (Australia) - AUD සම්බන්ධ currency pairsවල ක්‍රියාකාරිත්වය වැඩිවේ. (AUD/USD, GBP/AUD etc.)

Tokyo (Japan) - JPY සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවේ. (GBP/JPY, USD/JPY etc.)

Frankfruit (Germany) - CHF, EUR, GBP සම්බන්ධ currency pairsවල ක්‍රියාකාරිත්වය වැඩිවේ. (EUR/USD, GBP/USD, USD/CHF etc.)

London (United Kingdom) - CHF, EUR, GBP සම්බන්ධ currency pairsවල ක්‍රියාකාරිත්වය වැඩිවේ. (EUR/USD, GBP/USD, USD/CHF etc.)

New York (USA) - USD සම්බන්ධ currency pairsවල ක්‍රියාකාරිත්වය වැඩිවේ. (EUR/USD, GBP/USD etc.)

 



 



Post a Comment

Previous Post Next Post