Forex Trading Introduction

 1. Forex කියන්නෙ මොකක්ද?

 

අපි Forex කරන්නේ Broker කෙනෙක් හරහා.

Forex Market යනු විදේශ විනිමය වෙළඳ පොළ ලෙස සරළව හැඳින්විය හැකිය. මෙහි දිනකට ඩොලර් ට්‍රිලියන 5.1ක පිරිවැටුමක් සහිත ලෝකයේ වඩාත්ම වෙළඳාම් සිදුකරන වෙළඳපොල ලෙස හැඳින්වේ. Forex ලොව පුරා බැංකු, ආයතන සහ තනි පුද්ගල වෙළඳුන් විසින් දවසේ පැය 24 පුරාම, සතියේ දින 5 පුරාම වෙළඳාම් කරනු ලැබේ. අනෙකුත් මූල්‍ය වෙලඳපොලවල් මෙන් නොව, විදේශ විනිමය සඳහා මධ්‍යගත වෙළඳපොලක් නොමැත, එම අවස්ථාවේ විවෘතව ඇති කුමන වෙළඳපොලක වුවද කවුන්ටරය හරහා මුදල් හුවමාරු වේ. Forex යන වචනය සකස් වී ඇත්තේ Foriegn හා Exchange  වචන දෙක කෙටි කිරීමෙන් වේ.

Forex Market මුළු ලෝකයේම ඇති විශාලතම Financial Market එක වන අතර  විශාලතම Stock Market එක NYSE (New York Stock Exchange) ( ලංකාවේ Colombo Stock Exchange එක වගේ). NYSE එකේ දවසකට $74 Billions මුදල් ගනු දෙනු සිදුවන අතර Forex Market හි දවසකට $4 Trillion පමණ ගනුදෙනු සිදුවේ.

 

 

 

 

Forex Market යනු OTC (Over the Counter) නැතහොත් Interbank, Market ලෙස හැඳින්වේ. එනම් වෙනත් Markets ලෙස Forex Market එකට Central exchange එකක් හෝ භෞතික තැනක් නොමැත. මෙය සම්පූර්ණ වශයෙන් සිදුවන්නේ බැංකු අතර Electronically. එලෙසම මෙය පැය 24ම ක්‍රියත්මකවන අතර අපහට Forex ලෝකයේ අන්තර්ජාල සම්බන්ධතාවය ඇති ඕනැම තැනක සිට කළ හැකිය.
පහත රූපසටහනේ දැක්වෙන්නේ ලෝකයේ වැඩියෙන්ම trade වෙන currencies.

 


(Chart
එකේ මුළු ප්‍රතිශතවල එකතුව 200%, මොකද Currency pair එකක currencies 2ක් තියෙන නිසා.)

වැඩිම ඉල්ලුමක් තියෙන්නේ USDවලටය. Forex Market එකේ සිදුවෙන transactions වලින් 84.9% කටම USD සම්බන්ධ වේ.

 

International Monetary Fund (IMF) එක කියන විදිහට ලෝකයේ Foreign Exchange Reserves වල 62%ක්ම ඇත්තේ USD. USD මෙපමණ ප්‍රසිද්ධ විමට හේතුවන්නේ.

-
ලෝකයේ ලොකුම Economy ඇති රට United States of America වීම
-
ලෝකයේ ගොඩක් රටවල් වල Money reserve වල USD තිබීම
- USA
වල ලෝකයේ liquidFinancial Markets තිබීම
- USA
වල ස්ථාවර දේශපාලන ක්‍රමයක් තිබීම
- USA
යුධමය වශයෙන් ඉතාමත් ප්‍රබල ස්ථානයක සිටීම
- USD
මූල්‍ය හුවමාරු මාධ්‍යයක් වශයෙන් භාවිතා කිරීම. (උදා. Mexicoවට Saudi Arabia වලින් තෙල් ගන්න ඕනෙ නම්, එයාලට ගෙවන්න වෙන්නේ USD වලින්. Mexicoවල USD නැතිනම් පළමුව එයාලගේ මුදල් USD වලට මාරු කිරීමට සිදුවේ.)

Forex Market
එකේ transaction වලින් 90%ක් ම සිදුවන්නේ ලාභ ලබන්න Buy හෝ Sell කරන traders ලා අතින්. එනම් අපි වගේ tradersලා. අනිත් 10% තමන්ගේ අවශ්‍යතා සඳහා මුදල් මාරු කරන අය. (උදාහරණයක් වශයෙන් විදේශ ගතවීමට යන අය අදාල රටේ මුදල් ලබා ගැනීම.)



එමෙන්ම  Forex Market එකේ trade කරන්න පුළුවන් ක්‍රම කීපයක්ම ඇත.

- Spot Forex
- Futures
- Options
- Exchange-traded Funds

Forex අනිකුත් මුදල් ආයෝජන ක්‍රමවලට වඩා වාසිදායක ඇයි?


- No commissions, Low transaction cost
Forex market
එකේදී අපි broker ලට commissions හෝ වෙනයම් ගාස්තු ගෙවීමට සිදුනොවේ. අපිට ගෙවීමට ඇති මුදල වන්නේ open කරන trade එකේ spread එක.

- No middlemen
අතරමැදියන් නොමැත. අපි විසින් software එක පාවිච්චි කර අපිට අවශ්‍ය trades open, close කරනවා. මේ නිසා අතරමැදියෙක් ඉන්නකොට වෙන delays, mistakes සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන්.

- No fixed lot size
අපිට, අපිට අවශ්‍ය ඕනෙම currency ප්‍රමාණයක් ගන්න හෝ විකුණන්න පුළුවන්. Currency හරියටම Lot එකක් ගන්න ඕනේ කියලා නීතියක් නෑ.

- A 24-hour market
සතියේ දවස් 5, පැය 24Forex Market එක ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා අපිට පහසු විදිහට කැමති වෙලාවක් ‍තෝරගෙන trade කරන්න පුළුවන්.

- No one can corner the market
Forex Market
එක ලෝකේ ලොකුම Market එක නිසා USA වලටවත් තනියම Currency pair එකක price එක වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ Forex Market එකේ Currency prices කාටවත් ඕනෙ විදිහට පාලනය කරන්න බෑ.

- Leverage
.

Brokers ලා 2000:1 Leverage පවා ලබාදේ. මෙපමණ Leverages දෙන්නේ Forex වල පමණි.

- High Liquidity
high liquidity
එක නිසා අපිට Currencies ඕනෙම වෙලාවක Buy, Sell කරන්න පුළුවන්.

- Low Barriers to Entry
ගොඩක් ව්‍යාපාර ආරම්භ කිරීමට අපහසු අතර Forex කිරීමට පොඩි මුදලකින් වුවත් හැකිය.

- Free learning material Everywhere
Forex
ඉගෙන ගන්න අවශ්‍ය තොරතුරු බොහෝමයක් අපිට Internet එකෙන් Free ගන්න පුළුවන්. ඒ වගේම broker ලා අපිට practise කරන්න ඕනෙ තරම් demo accounts open කරන්න දෙනවා.

දැන් අපි මූලික කරුණු පිළිබඳ අවධානය යොමු කරමු.

උදාහරණයක් ලෙස වෙළදාම් කිරීමේදී ලාභ උපයන්නේ කිසියක් ද්‍රව්‍යයක් අඩු මිලට ගෙන වැඩි මිලකට විකිණීමෙන්ය.

 

  ලාභය = විකිණූ මිල - ගත් මිල

 

  උදා: ගත් මිල = 90 හා විකිණූ මිල = 110 නම්

   ලාභය = 110 - 90

   ලාභය = 20

 

මේ Concept එක Forexවලට අදාල වන ආකාරය සලකා බලමු. ඔබ කිසියක් දිනක විදේශයක ගොස් ඇත්නම් පළමුව අපට අදාල රටේ මුදල්වලට අපගේ මුදල් මාරුකිරීමට සිදුවේ. උදාහරණ ලෙස USA  නම් ලංකාවේ රුපියල් US dollars ($) වලට හරවා ගත යුතු අතර මෙය බැංකුවක් හරහා හෝ Currency Exchange එකක් හරහා සිදුකරගත යුතුය. මෙය පැහැදිලි කළහොත් එසේ මුදල් මාරුකරගැනීම යනු සරලව ඔබ නොදැනුවත්වම Forex trade එකක් කර ඇති බවය.

උදාහරණයක් අපට මේ සඳහා යන වියදම ලෙස US $1000 ක් අවශ්‍ය වේ යැයි සිතමු. මෙම US $1000ක් ගැනීම සඳහා යන රුපියල් ගණන බැංකුවකින් විමසූ විට එදිනට Exchange rate එක අනුව US $1000ක් ගැනීමට අවශ්‍ය රුපියල් ගණන දැනගත හැකිය. මෙම Exchange rates දිනපතාම වෙනස් වේ. (තත්පර ගණනින් පවා)

 ඉහත උදාහරණයේ දළ වශයෙන් මේ වන විට US$ to Sri Lankan Rupeess Exchange rate එක 220.41 විට US $1000ක් ගැනීම සඳහා යන  රුපියල් ගණන වන්නේ,

 

  US$ to Sri Lankan Rupees Exchange rate: 220.41

  අවශ්‍ය US$ ගනන = US$1000

  US$1000 ගන්න අවශ්‍ය රුපියල් ගණන = 220.41 X 1000

     =රුපියල් 220,410/=

දැන් අප හට US$1000ක් ගන්න රුපියල් 220,410/=ක් වියදම් වී ඇත. මාස 6කට පමණ පසු නැවත ලංකාවට පැමිණෙන අතර ( US$1000ක් විදේශයේදී උපයාගෙන පැමිණේ. ) එහිදි බැංකුවකින් අද දිනයේදී US$ to Sri Lankan rupees exchange rate බැංකුවෙන් විමසූ විට රුපියල්  225.72ක් වී ඇති නම් අපගේ US $1000ට ලැබෙන රුපියල් ප්‍රමාණය ගණනය කරමු.

 

  US$ to Sri Lankan Rupees Exchange rate: 220.72

  US$ ගණන = US $1000

  අපට ලැබෙන රුපියල් ගණන = 225.83 X 1000

    = රුපියල් 225,830/=

 

දැන් අපි අප හට සිදුවී ඇත්තේ ලාභයක් ද පාඩුවක් ද යනවග සලකා බලමු.        

  අපට US$1000ට වියදම් වූ මුදල  = Rs. 220,410

  අපට US$1000ට ලැබුනු මුදල  = Rs. 225,830

 

ඉහත දක්වා ඇති ආකාරය අනුව "ලාභය = විකිණූ මිල - ගත් මිල" ලෙස අර්ථ දැක්වීම අනුව

  ලාභය = 225,830 - 220,410

  = රුපියල් 5,420

 

අපිට මින් පෙනීයන්නේ රුපියල් 5,420 ක ලාභයක් වී ඇති බවය. එහෙත් මේ ගනුදෙනුව අප සිදුකලේ ලාභ ඉපැයීමට වඩා අපගේ අවශ්‍යතාව ඉටුකරගැනීමටය. ( USA යාමට අවශ්‍ය මුදල් ලබාගැනීමට හා ආපසු ලංකාවට පැමිණිපසු රුපියල් ලබාගැනීමටය.) එහෙත් මෙය ලාභ ලැබීම සඳහා කටයුතු කල හැකි අතර එනම් කිසියම් Currency එකක් මිලදීගෙන අප සතුව තබාගෙන එහි අගය (rate) එක වැඩිවූ පසු විකිණීම සිදුකිරීමෙන්ය.  මේ ක්‍රියාවලිය Forex Market හි සිදුකරන ප්‍රධානම කාරණය ලෙස සරලව පැහැදිලි කල හැකිය. එනම් මුදල් විකිණීම සිදුකර මුදල් ලබාගැනීමය.

 

ඉහත උදාහරණයේදි අපි සැලකූයේ US$ ළඟ ලබාගෙන සිට US$ වල rate එක වැඩි වූ පසු විකිණීම සිදුකර ලාභ උපයන ආකාරයේ සිදුවීමක්ය. ඒ උදාහරණයේදි මුදල් වර්ග 2ක් භාවිතා වූ අතර ඉන් පළමු වැන්න US$ හා දෙවැන්න Sri Lankan rupees. Forex Market එකේදි US$ හඳුන්වන්නේ USD ලෙස හා Sri Lankan rupees හඳුන්වන්නේ LKR ලෙසය.

  

   United State Dollar = USD

   Sri Lankan Rupee = LKR

 

මෙතැන් සිට අදාල මුදල් වර්ගය එහි කෙටි නමින් හඳුන්වන අතර මෙහිදී තේරුම් ගත යුතු  ප්‍රධාන කාරණය වන්නේ Forex trade එකකදි සෑම විටම මුදල් වර්ග 2ක් උපයෝගී කරගන්නා බවය. තවද Forex වලදි rate  පහත දැක්වෙන ආකාරයට අංකනය කෙරේ.

 

   USD/LKR = 225.83

 

මින් අදහස් වන්නේ මුලින් ඇති මුදල් වර්ගයෙන් 1ක් ගන්න දෙවනියට ඇති මුදල් වර්ගයෙන් කීයක් අවශ්‍යයද යන්නය. එනම්   USD 1ක් ගැනිමට LKR 225.83ක් අවශ්‍ය බවය. අදාල මුදල් වර්ග දෙකක rate එක දැනගත් විට, ඒ මුදල් වර්ග 2 අතර ඕනෑම ගණනක් සාදා ගැනීමට හැකිය.

 

උදාහරණ:

   USD/LKR = 109.15 නම් LKR 250,000 සඳහා ලැබෙන USD ගණන කීයද?

   USD ගණන  = 250,000 / 109.15

     = 2290.42

   උත්තරය USD 2290.42

 

 

   USD/LKR = 110.73 නම් USD 1340ක් සඳහා ලැබෙන LKR ගණන කීයද?

   LKR ගණන =1340 X 110.73

     = 148,378.20

   උත්තරය LKR 148,378.20

 

 

අපගේ ප්‍රධාන උදාහරණයට USD හා LKR ගත්තද,  Forex Market එකෙහි LKR නොමැත. ඊට හේතුව වන්නේ ලංකාව ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් තිබෙන රටක් නොවීමය. මේ නිසා ලෝකයේ බලවත් රටවල්වල භාවිතා කරන මුදල් වර්ගවලින් මෙම ගණුදෙනු සිදුකිරීමට සිදුවේ.

 

Forex ලෝකයේ ඉන්න බලවතුන් ප්‍රධාන වශයෙන් පහත දක්වා ඇත.

 

   (1.) United State Dollar

   (2.) Euro (used by European Union member countries)

   (3.) Great Britain Pound

   (4.) Japanese Yen

   (5.) Switzerland Franc

   (6.) Canadian Dollar

   (7.) Australian Dollar

   (8.) New Zealand Dollar

 

මේ 8 අතරින්  මුලින් ඇති 5 ප්‍රධානතම වේ. කෙසේ වෙතත් මෙම මුදල් වර්ග 8ටම Major Currencies ලෙස හැඳින්වේ. Forex වලදි US$ අංකනය USD වේ. මෙම අකුරු තුනේ වචනය සකස්වී ඇත්තේ මුල් අකුරු දෙකෙන් රටේ නම කෙටියෙන් හා අන්තිම අකුරින් මුදල් වර්ගයේ හැඳින්වෙන ආකාරයට වේ. ඒ ආකරයට හැම Currency එකක්ම හැඳින්වීම සඳහා නම් ඇති අතර මුල් අවධියේදී Forex traders එක් එක් Currency එක හැඳින්වීම සඳහා ලබාදී ඇත් නම් වර්ගද ඇත.

 

 

Forex Market හි මුදල් වර්ග හඳුන්වන ආකාරය සලකා බලමු.

 

රටේ නම

මුදල් වර්ගය

Forexසංකේතය

කෙටි නම

United States of America

Dollar

USD

Buck

Great Britain

Pound

GBP

Cable

European Union

Euro

EUR

Fiber

Japan

Yen

JPY

Yen

Switzerland

Franc

CHF

Swissy

Canada

Dollar

CAD

Loonie

Australia

Dollar

AUD

Aussie

New Zealand

Dollar

NZD

Kiwi

 

 




ඉහත දැක්වෙන වගුවේ ඉතාමත් වැදගත් කාරණය වන්නේ "Forex සංකේතය" වේ. ඒ ඒ සංකේත වලින් දැක්වෙන්නේ මොන මුදල් වර්ගයද යන්න මතක තබාගත යුතුය. ඉහත දක්වා ඇති හා පසුව විස්තර කරන ප්‍රධාන කාරණාවන් නිසිලෙස අවබෝධ කර නොගෙන Forex Market එකෙහි කිසිවක් නිවැරදිව සිදුකල නොහැකි බව ඔබ තරයේ මතක තබා ගත යුතුය.

 

දැන් අපි සලකා බලමු Major Currencies වලින් සකස් වන pairs වර්ග. මෙතැනදි  "pair" යනුවෙන් හඳුන්වන්නේ පෙර සඳහන් කල "USD/LKR" වගේ ඒවාටය. පහත Forex Market එකේ තියෙන pairs වර්ග දක්වා ඇත.

 

Major Currency Pairs

 

Pair

අදාල රටවල්

කෙටි නම

EUR/USD

European Union/United States

Euro Dollar

USD/JPY

United States/Japan

Dollar Yen

GBP/USD

Great Britain/United States

Pound Dollar

USD/CHF

United States/Switzerland

Dollar Swissy හෝ Dollar Franc

USD/CAD

United States/Canada

Dollar Loonie

AUD/USD

United States/Australia

Aussie Dollar

NZD/USD

New Zealand/United States

Kiwi Dollar

 

ඉහත දැක්වෙන pairs හඳුන්වන්නේ "Major Currency Pairs" ලෙස වන අතර මෙයට හේතුව වන්නේ සෑම pair එකකම පෙර හෝ පසුව USD තිබීමය. USD මුදල් වර්ගය Forex Market එකේ වැඩියෙන්ම ගනුදෙනු වන මුදල් වර්ගය වේ. පහලින් දැක්වෙන්නේ Forex Market එකේ trade වෙන මුදල් වර්ග ඒවා trade වෙන ප්‍රමාණ ප්‍රතිශත අනුව සකස් කල වගුවක්ය.

ඉහත සඳහන් කළ Major Currency Pairs වලට අමතරව Forex Market එකේ trade වෙන තවත් currency pairs ඇති අතර ඒවා Minor Currency Pairs හෝ Major Cross-Currency Pairs ලෙස හැඳින්වේ.පහත ඒ පිළිබඳ විස්තර  දක්වා ඇත.

 

Euro Crosses

 

 

Pair

අදාල රටවල්

කෙටි නම

EUR/CHF

European Union/Switzerland

Euro Swissy හෝ Euro Franc

EUR/GBP

European Union/Great Britain

Euro Pound

EUR/CAD

European Union/Canada

Euro Loonie

EUR/AUD

European Union/Australia

Euro Aussie

EUR/NZD

European Union/New Zealand

Euro Kiwi

 

 

Yen Crosses

 

 

Pair

අදාල රටවල්

කෙටි නම

EUR/JPY

European Union/Japan

Euro Yen

GBP/JPY

Great Britain/Japan

Pound Yen

CHF/JPY

Switzerland/Japan

Swissy Yen

CAD/JPY

Canada/Japan

Loonie Yen

AUD/JPY

Australia/Japan

Aussie Yen

NZD/JPY

New Zealand/Japan

Kiwi Yen

 

Pound Crosses

 

 

Pair

අදාල රටවල්

කෙටි නම

GBP/CHF

Great Britain/Switzerland

Pound Swissy

GBP/AUD

Great Britain/Australia

Pound Aussies

GBP/CAD

Great Britain/Canada

Pound Loonie

GBP/NZD

Great Britain/New Zealand

Pound Kiwi

 

 

Other Crosses

 

 

Pair

අදාල රටවල්

කෙටි නම

AUD/CHF

Australia/Switzerland

Aussie Swissy

AUD/CAD

Australia/Canada

Aussie Loonie

AUD/NZD

Australia/New Zealand

Aussie Kiwi

CAD/CHF

Canada/Switzerland

Loonie Swissy

NZD/CHF

New Zealand/Switzerland

Kiwi Swissy

NZD/CAD

New Zealand/Canada

Kiwi Loonie

 

මෙහි දක්වා ඇති Currency pairs වලට අමතරව Major Currencies නොවන Currencies වලින් සකස්වූ pairs ඇති අතර ඒවා හඳුන්වන්නේ "Exotic Pairs" ලෙසවේ. බොහෝ Brokers ලා Major Currency Pairs හා Minor Currency Pairs (Major Cross-Currency Pairs) සියල්ලම පාහේ අපට trade කරන්න ලබා දෙන අතර Exotic Pairs ලබා දෙන්නේ Brokersලා කීපදෙනෙක් පමණි.

 

Exotic Pairs

 

Pair

අදාල රටවල්

කෙටි නම

USD/HKD

United States/Hong Kong

-

USD/SGD

United States/Singapore

-

USD/ZAR

United States/South Africa

Dollar Rand

USD/MXN

United States/Mexico

Dollar Peso

USD/DKK

United States/Denmark

Dollar Krone

USD/SEK

United States/Sweden

-

USD/NOK

United States/Norway

-

 

 

 Lots, Margins, Leverage හා Pips




මේ වන විට අප Currency pairs ගැන අවබෝධයක් ඇති අතර සෑම විටම Currency pair එකක "ඉදිරීයෙන්" තියෙන Currency එක අපි හඳුන්වන්නේ "Base Currency" හා "පසුපසින්" ඇති Currency එක හඳුන්වන්නේ "Quote Currency" වශයෙනි. Quote Currency එක Counter Currency ලෙසද හඳුන්වා ඇත.

උදා.

    EUR/USD = 1.2345 මෙම Currency Pair එකෙහි Base Currency හා Quote Currency පෙන්වන්න.

    Base Currency = EUR

    Quote Currency = USD

 

Forex Market එකේ අපි Currencies ගන්න unit එක හඳුන්වන්නේ "Lot" ලෙසය.

 

Lot වලට Standard Lot ලෙසද හඳුන්වන අතර සෑමවිටම Lot එකක් යනු හැමවෙලේම 100,000ක්. මේ 100,000  පහත ආකාරයට වර්ග කර ඇත.

 

Lot (Standard Lot)

100,000

Mini Lot

10,000

Micro Lot

1,000

Nano Lot

100

 

මෙහිදී EUR Lot එකක් යන්නෙහි අදහස වන්නේ - EUR Lot එකක් ගැනීම යනු EUR 100,000 ගැනීමය. EUR Mini-Lot එකක් ගැනීම යනු EUR 10,000ක් ගැනීමය.

උදාහරණයක් ගත්විට EUR/USD = 1.2345 නම් EUR Lot එකක් ගන්න අවශ්‍ය USD ප්‍රමාණය කොපමණද?

 

    EUR/USD = 1.2345

    USD amount = 1.2345 X 100,000

     = 123,450

 

එනම් EUR Lot එකක් ගැනීමට USD 123,450ක් අවශ්‍ය වේ. ආසන්න වශයෙන් LKR 12,345,000 (USD/LKR = 100 නම්) ක්. මෙපමණ මුදල් ප්‍රමාණයක් යෙදවීම ඉතා අපහසු බැවින් මෙහිදී "Leverage" යන සංකල්පය ඉදිරිපත් වී ඇත.

 

Leverage එක සාමාන්‍යයෙන් Forex වලදි දැක්වෙන්නේ 100:1, 200:1 හෝ 400:1 ආදි වශයෙන්ය. මෙහි සාමාන්‍ය අදහස සලකා බලමු. 100:1 යනු 100 trade එකක් open කරන්න අවශ්‍ය වෙන්නේ 1ක් ය. 

 

උදාහරණ 1

 

    Leverage එක 100:1 නම් හා EUR/USD = 1.2345 නම් EUR Lot එකක් ගන්න අවශ්‍ය වන USD ගණන කීයද?

    EUR/USD = 1.2345

    Lot එකකට යන USD ගණන = 1.2345 X 100,000

       = 123,450

    Leverage එක 100:1 නිසා, USD = 123,450 / 100

උත්තරය 1,234.50

 

100:1 Leverage එක නිසා අපිට EUR Lot එකක්ම (EUR 100,000) ගැනීමට යන මුදල් ප්‍රමාණය USD 1,234.50 වේ.

 උදාහරණ 2.

 

    Leverage එක 200:1 නම් හා EUR/CHF = 1.3006 නම් EUR Mini-Lot එකක් ගන්න අවශ්‍ය වන CHF ගණන කීයද?

    EUR/CHF = 1.3006

    Mini-Lot එකකට යන CHF ගණන = 1.3006 X 10,000

        =13,006

    Leverage එක 200:1 නිසා, CHF = 13,006 / 200

උත්තරය 65.03

 

එනම් 200:1 Leverage එක නිසා අපිට EUR Mini-Lot එකක් (EUR 10,000) ගැනීමට යන මුදල් ප්‍රමාණය CHF 65.03.

 

සාමාන්‍යයෙන් Leverage එක දක්වන්නේ 200:1, 100:1 හෝ 50:1 යන ආකාරයට වේ. Leverage සමඟ trade කිරීම Margin Trading ලෙස හැඳින්වේ. Margin වෙනත් ආකාරයකින් පැවසුවහොත් එය deposit එකක් ලෙස දැක්විය හැකිය. උදාහරණ ලෙස සමහර උපකරණ අපි කුලියට ගත්විට අපහට කිසියම් මුදලක් ඒ ආයතනයේ තැබීමට සිදුවේ.  Margin යනු අකාරයේ අර්ථයකි.

 


    Leverage එක 50:1 නම් Margin එක 2%

    Leverage එක 100:1 නම් Margin එක 1%

    Leverage එක 200:1 නම් Margin එක 0.5%

    Leverage එක 400:1 නම් Margin එක 0.25%

 

ඉහත අගයන් පරීක්ෂා කිරීමේදී 100:1 අනුපාතය ප්‍රතිශතයක් ආකාරයට දක්වා ඇති 1%  අගය ගෙන ඇත. මෙය සිදුවන්නේ Forex trade කිරීම සඳහා කිසියම් Broker කෙනෙක් හරහා Forex account එකක් open කරගත් පසුව  trade එකක් open කර ඇතැයි සිතන්න. උදාහරණයක් ලෙස EUR/USD Mini-Lot එකක් Buy කර ඇතැයි සලකන්න. අපිට ඒ Mini-Lot එක ගන්න USD කිසියම් ප්‍රමාණයක් අවශ්‍ය වේ. Margin එක 1% නම් අපිට යන්නේ ඒ USD ගණනින් 1%. 1% අපේ Forex account එකෙන් අඩුවීම සිදුවේ. එම මුදල අපට ආපසු ලැබෙන්නේ trade එක close කල විටය. උදාහරණයක් ගත්විට.

 

   Margin එක 1% හා EUR/USD=1.2453 නම් EUR Mini-Lot එකක් මිලදී ගැනීමට අවශ්‍ය USD ගණන කොපමණද?

 

   EUR/USD = 1.2453

   EUR Mini-Lot = EUR 10,000

   Margin එක 1% නිසා Mini-Lot එකකට අවශ්‍ය EUR ගණන = 10,000 X 1%

        =10,000 X (1/100)

        = 100

   එම නිසා අවශ්‍ය USD ගණන = 100 X 1.2453

      = 124.53

 

 

ඉහත උදාහරණයේ ආකාරයට අපේ account එකෙන් USD 124.53ක් අඩුවීම සිදුවේ. එම USD 124.53 අපිට ආපසු ලැබෙන්නේ ඒ trade එක close කල පසුය. තවත් ආකාරයකින් පැවසුවහොත් අපගේ Forex account එකේ USD 1000ක් තිබේ නම්, මේ trade එකට පස්සේ account balance එක USD 875.47 (1000-124.53) වේ. මෙම කරුණු ඉතා පැහැදිලිව තේරුම් ගත යුතුය.

 

දැන් අපි  Pips ( Price Interest Point ) යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද යන්න සලකා බලමු. Pip එකක් ලෙස හඳුන්වන්නේ Currency pair එකක 4 වැනි දශමස්ථානයේ වෙනසකට වන අතර JPY ඇති Currency pair වල පමණක් මෙය 2 වැනි දශමස්ථානයට ඇති අගය ගනී.  උදාහණයක් ලෙස EUR/USD = 1.2453 නම් කිසියම් කාලයකට පසුව EUR/USD = 1.2457 ලෙස අගය වෙනස් වේ යැයි සිතමු. දැන් මේ අගයන් දෙක අතර වෙනස වන්නේ 0.0004 . මෙහිදී 4 අගය Pips ලෙස හැඳින්වේ. මෙම උදාහරණයේදි EUR/USD rate එක Pip 4කින් වැඩිවී ඇති බව නිරූපනය කෙරේ. JPY Base currency හෝ Quote currency විධිහට තියෙන Currency pairs හැර අනික් සෑම Currency pair එකකම 4 වැනි දශමස්ථානයේ වෙනසක් Pip ලෙස හඳුන්වයි. මෙහිදී JPY ඉදිරියෙන් හෝ පසුපසින් ඇති  Currency pairs වල Pip එකක් කියලා කියන්නේ 2 වැනි දශමස්ථානයේ වෙනසකට වේ. උදාහරණ කීපයක් සැලකූවිට මෙය තේරුම් ගත හැකිය.

 

    EUR/USD = 1.4351, විනාඩි කීපයකට පසු EUR/USD = 1.4359 නම් Pips ගණන කීයද?

    Pips = 1.4359 - 1.4351 = 0.0008

    EUR/USD price එක Pips 8 කින් වැඩිවී ඇත.

 

    EUR/USD = 1.2453, Pips 20කින් අගය අඩුවුනි නම්, දැන් EUR/USD අගය කීයද?

    EUR/USD = 1.2453 - 0.0020= 1.2433

    එනම් මේ වන විට EUR/USD price එක = 1.2433

 

    EUR/USD = 1.4351, විනාඩි කීපයකට පසු EUR/USD = 1.4345 නම් Pips ගණන කීයද?

    Pips = 1.4345 - 1.4351 = -0.0006

        එනම් මේ වන විට EUR/USD price එක Pips 6කින් අඩුවී ඇත.

 

    GBP/JPY = 130.70, ටික වේලාවකට පසු GBP/JPY = 130.75 නම් Pips ගණන කීයද?

    Pips = 130.75 - 130.70 = 0.05

    එනම් මේ වන විට GBP/JPY price එක Pips 5 කින් වැඩිවී ඇත.

 

   

 

වර්තමානයේදී බොහෝ Broker ලා prices quote කරද්දී JPY pairs දශමස්ථාන 3 කින් හා අනිකුත් Currency pairs වල price එක දශමස්ථාන 5 කිනුත් පෙන්වීම සිදුකරයි. මෙම 5වැනි (JPY pairs වල 3 වැනි) දශමස්ථානය හඳුන්වන්නේ Pipette යනුවෙන්ය. Pipette එකක අගය Pip එකකින් 1/10ක්ය. උදාහරණයක් ලෙස EUR/USD price එක 1.21506 සිට 1.21507 දක්වා වැඩිවීමේදී EUR/USD price එක Pipette 1කින් වැඩිවී ඇත. නැතහොත් Pip 0.1කින් වැඩිවී ඇත. මෙම Pipette අගය නිවැරදිව අවබෝධ කරගත යුතුය.  උදාහරණයක් ගත්විට.

 

    GBP/JPY = 130.573, පැයකට පසු GBP/JPY = 130.568 නම් prices 2ක අතර වෙනස කොපමණද?

    වෙනස (Pips ගණන) = 130.568 - 130.573 = -0.005

    එම නිසා උත්තරය වෙන්නේ -0.5 Pips හෝ -5 Pipettes

 

    EUR/USD = 1.26157, ටික වේලාවකට පසු EUR/USD = 1.26169 නම් prices 2ක අතර වෙනස කොපමණද?

    වෙනස (Pips ගණන) = 1.26169 - 1.26157 = 0.00012

    ඒ නිසා උත්තරය වෙන්නේ 1.2 Pips හෝ 12 Pipettes

 

Forex Market එකේදි බොහෝ දුරට භාවිතා කරන්නේ Pips වන අතර Pipettes වැදගත් වන්නේ ඉතාමත් විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කර trade කරනු ලබන Forex tradersලාටය.

 

Forex Market හි trade කරන ආකාරය


Forex trade කිරීම
සඳහා Broker කෙනෙකු අවශ්‍ය අතර විවිධ Brokerලා අපහට තෝරා ගත යුතුය. මෙහිදී සෑම  Broker කෙනෙකුම Demo accounts open කිරීමට අවස්ථාව ලබාදේ. Demo account එකක් යනු Forex Market හි trade කල හැකි Account එකක් වන අතර මෙහිදී ඇති වෙනස වන්නේ අපගේ මුදල් භාවිතා නොකිරීමය.

 

Demo Account එකක් open කරන ආකාරය

Forex Market හි trade කිරීම සඳහා  softwares බොහෝ ඇති අතර ඉන් බොහොමයක් Forex Brokersලා trade කිරිම සඳහා ඔවුන්ගේම softwares අපට ලබාදීමට කටයුතු කරයි. මෙහිදී අප භාවිතා කරන්නේ "Metatrader" යන software එක වේ. මෙහි version 4 භාවිතා කරන අතර ඊට හේතුව වන්නේ මෙම software එකට අපට පහසුවෙන් හැසිරවිය හැකි වීම හා බොහෝ දෙනෙක් භාවිතා කිරීමයි. මෙහිදී Demo account එක open කිරීම සඳහා "‍FXTM" ( https://www.forextime.com ) Forex Broker භාවිතා කරමු. මෙම  Broker prices quote කරන්නේ දශමස්ථාන 5කින් වන අතර JPY pairs දශමස්ථාන 3කින්ය.

 

 

1.       මුලින්ම ( https://www.forextime.com වෙබ් අඩවියට පිවිසෙන්න. එහි ඇති OPEN ACCOUNT වෙත යන්න. එහි සඳහන් තොරතුරු නිවැරදිව සපයා Register වන්න.

 

 

 

2. පසුව Open New Account වෙත ගොස්  MT4 තෝරා Try the demo Click කරන්න. පසුව අදාල විස්තර සපයා demo Account open කරගන්න.

 

3. ඉහත රෑපයේ පරිදි "Download " button එක click කරන්න. එවිට  forextimefxtm4setup.exe" file එක save කිරීමට හෝ run කිරිමට සිදුවේ.

 

4. ඔබ විසින් file එක run කළවිට Metatrader 4 software එක install වීමටපටන් ගන්නා අතර ඔබ file එක hard disk එකට save කර ඇති විට  file එක downloads folder එකෙන් සොයාගෙ run කරන්න. එවිට Metatrader 4 software එක ඔබගේ computer එකට install වීමට පටන් ගනී. Installation එකේදී settings කිසිවක් change කිරීම අවශ්‍ය නොවන අතර next කිරීම ප්‍රමාණවත්ය.

 

 

5. අවසානයේ  finish button එක click  කරන්න. එවිට ඔබට පහත දැක්වෙන පරිදි දක්නට ලැබේවි.

 

 

 

6. ඔබට "Open an Account" කියන dialog box එක දක්නට නැත්නම්, Metatrader 4 software එකේ file menu එකට ගොස් "Open an Account" click කරන්න.

 

 

 

7. දැන්  "Open an Account" කියන dialog box හි New demo account තෝරා details enter කරන්න. එහිදී පහත විස්තර ඇතුලත් කළ යුතුය.

 

    Account type: FXTMx-usd

    Leverage: 1:200

    Deposit: 1000

 

 

 

8. සියල්ල අවසන් කළ පසු පහත පරිදි දිස්වේ.

 

 

10. Metatrader

 

1.      Market Watch

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

 

2.      Navigator

                                i.            Accounts

…………………………………………………………………………….

…………………………………………………………………………….

…………………………………………………………………………….

…………………………………………………………………………….

                              ii.            Indicators

…………………………………………………………………………….

…………………………………………………………………………….

…………………………………………………………………………….

…………………………………………………………………………….

 

                            iii.            Expert Advisors

…………………………………………………………………………….

…………………………………………………………………………….

…………………………………………………………………………….

…………………………………………………………………………….

 

                            iv.            Scripts

…………………………………………………………………………….

…………………………………………………………………………….

…………………………………………………………………………….

…………………………………………………………………………….

 

 

3.      Main Menu

 

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

 

4.      Standard

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

 

5.      Charts

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

 

6.      Line Studies

 

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

 

 

7.      Time Frames

          

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

……………………………………………………………………………………

 

 

 

 

 

 

 


Post a Comment

Previous Post Next Post