Chart Patterns
- Double Top
- Double Bottom
- Head and Shoulders
- Inverse Head and Shoulders
- Rising Wedge
- Falling Wedge
Double Top
Double
top එකක් යනු දික් වුණු ඉහළ යාමක් ඇති විට සකස් වෙන ප්‍රත්‍යාවර්තක ආකාරයක් වන
අතර පහල දැමිය නොහැකි ස්ථාවර මට්ටමකට මිල ඉහළ ගිය විට මෙම මුදුන් සකස් වේ.
මිල මෙම මට්ටමට පැමිණි පසු, මිල ඉහල හෝ පහල යන අතර නැවත යථා තත්වයට පත්වී මිල නැවත එම මට්ටමට පැමිණියහොත් DOUBLE top එකක් ලැබේ.

ශක්තිමත් ඉහළ යෑමකට පසු tops දෙකක් සකස් වී ඇති අයුරු ඉහත රූපසටහනේ ඔබට දැක ගත හැකි වේ.
Second
top එකට first top එකේ මුදුන බිඳ දැමීමට නොහැකි වූ අයුරු සැලකිල්ලෙන් බැලූවිට මිලදී ගැනීමේ බලපෑම අවසන් වීමට ලංවන බව
පැහැදිලි වේ. මෙය ප්‍රත්‍යාවර්තනයක් සිදුවන බව දක්වන ශක්තිමත් ඉඟියකි. මෙහිදී අප ඉහළ බැවුමේ ප්‍රත්‍යාවර්තනයක් අපේක්ෂා කරන නිසා double
top එකක් මගින් neckline එකට පහලින් අපගේ entry order එකක් යෙදීම සම්මත ක්‍රමයයි.

මිල neckline එක බිඳ දමන බවත් පහළ යාමක් ඇති කරන බවත් රූපසටහන දෙස බැලූ විට ඔබට පෙනෙන අතර ඔබ මතක තබා ගත යුතු වන්නේ ශක්තිමත් ඉහළ බෑවුමක් ඇති වුවාට පසුවපහත වැටීමක උස ආසන්න වශයෙන් Double top ආකාරයකට සමාන බව ඔබට දකින්න ලැබේවි.
සටහන්……………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
Double Bottom
Double Bottom ආකාරයද ප්‍රත්‍යවර්තක ආකාරයක් වන අතර නිම්න දෙකක් ආකරයට bottoms දෙකක් සකස් වී ඇති බව රූපසටහන බැලූ විට පැහැදිලි වේ.

පළමු bottom එකට දෙවන bottom එක සැලකිය යුතු ලෙස බිඳ දැමීමට නොහැකි වූ අයුරු හොඳින් බැලුවට මෙය විකිණීමේ බලපෑම අවසන් බවත් ප්‍රත්‍යාවර්තනයක් සිදු වීමට ආසන්න බවත් පෙන්වන ඉඟියකි.

මිල neckline එක බිඳ දමා ඉහළ යාමක් සිදු කළ අයුරු ඉහත රූප සටහන බැලූවිට පැහැදිලි වේ. Double bottom
ආකාරයට මිල සම්පූර්ණයෙන්ම සමාන උසකට ළගා වේ. Double tops මෙන් Double bottoms
ද බැවුම් ප්‍රත්‍යාවර්තක ආකාරයක් වේ.
සටහන්……………………………………………………………………….…………………
……………………………………………………………………………….…………………
……………………………………………………………………………….…………………
……………………………………………………………………………….…………………
Head and Shoulders
Head
and shoulders ආකාරයද බැවුම් ප්‍රත්‍යාවර්තක ආකාරයකි.
එය මුදුනකින්,ඉන්පසු ඉහළ මුදුනක් හා තවත් උස අඩු මුදුනක් මගින් සකස් වේ. Neckline එක නිම්න දෙකක උස අඩුම තැන් දෙකක් සම්බන්ධ වීම මගින් ඈඳී ඇත. මෙම රේඛාවේ ඇල වීම ඉහළ හෝ පහළ විය හැකිය. ආදර්ශයක් ලෙස ඇල වීම ඉහළ වූ විට එය තවත් විශ්වාස කළ හැකි ඉඟි ඇති කරයි.

මෙම උදහරණයෙහි අපට පහසුවෙන් head and
shoulders ආකාර බලා ගත හැකි වේ. Head එක දෙවන මුදුන වන අතර Shoulders ඊට අඩුවූ මුදුන් දෙකක ආකාර ගන්නා නමුත් head එකක උස ඉක්මවා නොයයි.
මෙම ආකාරයේදී, Neckline එකට පහලින් entry order එකක් යෙදීම සිදු කරන අතර Neckline සිට head එකෙහි උසම තැනට දුර මැන ගැනීමෙන් අපට Take Profit ගණනය කරගත හැකිය.
![]()

සටහන්……………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
Inverse Head and Shoulders (Head and Shoulders හි ප්‍රතිලෝමය )
මෙය සාමාන්‍යයෙන් head and shoulders ආකාරයකි.
නිම්නයකින් (shoulder),වඩාත් පහත් නිම්නයකින් (head) සහ තවත් ඉහළ නිම්නයකින් (shoulder) සකස් වේ.

.
Head
and shoulders ආකාරයේදී මෙන්ම Head එක සහ neckline එක අතර පරතරය මැන්න විට එම පරතරය neckline එක බිඳ දැමු පසු මිල වෙනස් වන පරතරයයි.

සටහන්……………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
Wedges
Wedges
මගින් දැනට පවත්නා බැවුමේ නැවතීම් දැනුම් දෙන අතර අපට මෙම ආකාරය හමු වුන විට මිල ඊළඟට කොතැනට ගෙන යායුතු දැයි වෙළෙන්දන් තවමත් තීරණය කරමින් සිටින බව එමගින් දැනුම් දේ.
Rising Wedge
උඩු අතට ඇල වූ ආධාරකය සහ ප්‍රතිරෝධ රේඛා අතර මිල තහවුරු වන විට ඉහළ නඟින wedge සකස් වේ.

මෙහි,ආධාරක රේඛාවේ ඇලය ප්‍රතිරෝධ රේඛාවේ ඇලයට වඩා අධික බෑවුමක් වන අතර Higher highs වලට වඩා වේගයෙන් higher lows සකස් වෙන බව
මෙමගින් ආදර්ශනය වේ.
වැදගත් වන්නේ එම ස්ථානයට පැමිණි විට entry orders
යෙදීමට සූදානම් වීමයි.
පළමු උදාහරණයේ, ඉහල බෑවුමක් අවසානයේ දී ඉහල නගින wedge එකක් සකස් ආකාරය පහත රූපයේ ඇත.
මිල කටයුතු වල නව ඉහළ පහල යාම් සකස් වන ආකාරය බලන්න.

යටපැත්තට මිල බිඳ වැටෙන්නේ කෙසේදැයි බලන්න.
තවද chart
patterns වල මෙන්ම, breakout එකට පසුව මිල විචලනය එම ආකාරයෙහි උසෙහි විශාලත්වයට ආසන්නව සමාන වේ.
අප ඉහල නගින wedge ආකාරය පිළිබඳ තවත් උදාහරණයක් දෙස බලමු.
මෙවර පමණක් එය bearish
continuation signal එකක් ලෙස හැසිරේ.

ඔබට පෙනෙන අයුරින්, Higher
highs හා higher lows පවා තහවුරු කිරීමට පෙර ඉහළ බෑවුමකින් මිල පැමිණේ. ඉහළ නගින wedge එකක් පහළබැවුමකට මුල් වෙනවා. එනම්, එය bearish
chart pattern එකකි.
සටහන්……………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
Falling Wedge
ඉහළ නගින wedge එකක් මෙන්ම වැටෙන wedge ද ප්‍රත්‍යාවර්තක හෝ පවත්වා ගෙන
යාමේ ඉඟියක් විය හැක
ප්‍රත්‍යාවර්තක ඉඟියක් මෙන් ඊළඟට
ඉහළ බෑවුමක් පැමිණෙන බව හඟවමින් එය පහළ බෑවුමක පතුලේ සකස් වේ.
පවත්වා ගෙන යාමේ
ඉඟියක් (continuation signal) මෙන්, උඩු අතට සිදු වන මිල කටයුතු නැවත අරඹන බව හඟවමින් ඉහළ බෑවුමක් තුල
සකස් වෙ. Rising wedge එකක් මෙන් නොව falling wedge එක bullish chart pattern එකකි.

මෙම උදහරණයෙහි, falling wedge ප්‍රත්‍යාවර්තක ඉඟියක් ලෙස ක්රියා කරන අතර, පහළ බැවුමකට පසුව මිල lower highs හා lower lows ඇති කරයි.

Falling
wedge පවත්වාගෙන යාමේ signal එකක් ලෙස ක්රියා කරන උදාහරණය දෙස බලමු. අපි කලින් සඳහන් කල පරිදි falling
wedge එකක් ඉහළ බෑවුමක් තුල සකස් වෙන විට,සාමාන්‍යයෙන් එමගින් බැවුම නැවත අරඹන බව ඉඟි කරනවා. 
මෙහිදී ශක්තිමත් ඉහළ නැගීමකට පසු මිල මඳකට තහවුරු වන අතර මිලදී ගන්නන් කෙටි විවේකයක් ලබාගන්නා බවත් පෙනෙන අතර තවත් අලුතෙන් අය එකතු කර ගන්නා බව මෙහි අදහස විය හැක.

සටහන්……………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
Rectangles
සමාන්තර ආධාර හා ප්‍රතිරෝධී මට්ටම් මගින් මිල බැඳී පවතින විට Rectangle රටාව සකස් වේ.
Rectangle
මගින් සම්බන්ධ වීමේ කාල සීමා හෝ මිලදී ගන්නන් හා විකිනුම්කරුවන් අතර තීරණයකට නොපැමිණීම පෙන්නුම් කෙරේ.

Bearish Rectangle
පහළ බෑවුමක් තුල මිල මදකට තහවුරු වුණොත් bearish
rectangle එක සකස් වෙනවා. පෙනෙන හැටියට මෙය සිදු වන්නේ විකිණුම්කරුවන්ට විරාමයක් ගෙන යුගලය පහත යාමට පෙර විවේක ගැනීමට අවශ්‍ය නිසයි.

Bullish Rectangle
මෙන්න තවත් එකකට උදාහරණයක්,මෙවර එය Bullish එකක්. ඉහළ බෑවුමකට පසු,තහවුරු කිරීම සඳහා මිල මදකට නතර කර ඇති අතර මීළඟට මිල සිටින්නේ කොහිදැයි ඔබට අනුමාන කල හැකිද?

සටහන්……………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
Pennants(පටු කොඩි)
Bearish Pennants
Rectangles
වලට සමාන වන අතර මේවා ශක්තිමත් වෙනස්වීම්වලට පසුව සකස් වෙන continuation patterns ය.

ප්‍රමාණවත් තරම් විකිණුම්කරුවන් ඇතුළට පැමිණි පසු pennant එකේ පතුළට පහළින් මිල බිඳී පහළට වැටීමට පටන් ගනී.

Bullish Pennant
Bullish
pennants වලට එහි නමින් අඟවන ලෙසටම නැවත මිල ඉහළ දැමීමට ප්‍රමාණවත් ශක්තියක් එකතු කර ගන්නා විට,එම තහවුරු වීමේ කෙටි කාලයට පසු මිලෙහි තියුණු නැග්මක් නැවත අරඹන බවයි.


සටහන්……………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
Triangles
Symmetrical Triangle(සමමිතික ත්‍රිකෝණ)
මෙම සමමිතික ත්‍රිකෝණ ආකාරය, මිලේ අනුක්‍රමණයේ උස් තැන් හා පහත් තැන් එක තැනකදී එකිනෙකට හමු වෙන ත්‍රිකෝණයක් ලෙසින් බැලු බැල්මට පෙනෙන ප්රස්ථාර
ආකාරයකි.
මෙම රටාව තුලදී සිදු වන්නේ වෙළඳපොල lower highs හා
higher lows ඇති කිරීමයි. මිලදී ගන්නන්වත් විකිණුම්කරුවන්වත් Clear trend
එකක් ඇති කිරීමට ප්රමාණවත් තරම් දුරට මිල තල්ලු නොකරන බව මෙයින් අදහස් වේ.

Lower
highs වල අනුක්‍රමණයට ඉහළින් සහ higher lows වල අනුක්‍රමණයට පහළින් අපට entry orders දැමිය හැකියි. මිල බිඳ වැටීමට යන බව අපි දැනටමත් දන්නා නිසා, වෙළඳපොල චලනය වන දිශාව කුමක් වුවත් අපට orders සම්බන්ධ කළ හැකියි.

මෙම උදාහරණයෙහි, lower highs වල අනුක්රමණය මත අපි entry order
එකක් දැම්මොත්, active නොවේ. Higher lows එකක අනුක්‍රමණයට යටින් අපි තවත් entry order
එකක් දැම්මොත්, පළමු order එක හරි ගිය වහාම දෙවැන්න අවලංගු කල යුතුය.
සටහන්……………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
Ascending Triangle(ආරෝහණ ත්‍රිකෝණ)
ප්‍රතිරෝධී මට්ටමක් හා higher lows වල අනුක්‍රමණයක් ඇති විට මෙම වර්ගයේ රටා ඇති වේ.
මිලදී ගන්නන්ට ඉක්මවා යා නොහැකි ලෙස පෙනෙන ස්ථිර මට්ටමක් මේ කාලය තුල ඇති වුවද පැහැදිලි ලෙස higher lows මගින් ටිකින්ටික මිල ඉහළ දැමීම සිදුකෙරේ.

කෙසේ හෝ,මෙය සැමවිටම තත්වය නොවන නිසා අප එය ප්‍රවේශමෙන් බැලිය යුතු අතර
සමහර වෙලාවට මිල මට්ටම ඉතාම ශක්තිමත්. එය නෙරපා දැමීමට තරම් ප්‍රමාණවත් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ.මෙහිදී ප්‍රතිරෝධී රේඛාවට ඉහළින් හා higher lows වල අනුක්‍රමණයට පහළින් අපි entry order
එකක් සකස් කෙරේ.

සටහන්……………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
Descending Triangle (අවරෝහණ ත්‍රිකෝණය)
අවරෝහණ ත්‍රිකෝණ වලදී,ඉහළ රේඛාව සකස් කරන lower highs වල string එකක් ඇත. Lower line එක යනු බිඳිය නොහැකි ලෙස පෙනෙන මිලෙහි ආධාර මට්ටමකි.

ඉහත chart එකෙහි මිල lower highs ඇති කරමින් සිටින බව අපට පෙනෙන අතර, බොහෝ විට,අවසානයේදී මිල ආධාර රේඛාව බිඳ දමා පහළ වැටීමට පටන් ගනී.
සටහන්……………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
……………………………………………………………………………….……………….
Reversal
Reversal
patterns යනු ඉදිරියට යමින් පවතින බෑවුම, අනුක්රමණය වෙනස් කිරීමට ආසන්න බව ඉඟි කරන chart formations ය.






මෙම chart
patterns වෙළඳාම් කිරීමට neckline එකට එළියෙන් සහ නව බැවුමේ දිශාවට order එකක් දැමිය යුතු අතර
ඊළඟට රටාවේ උසට සම්පූර්ණයෙන්ම වාගේ සමාන ඉලක්කයක් වෙත යා යුතුය.
Continuation
Continuation
patterns යනු, ඉදිරියට යමින් පවතින බෑවුම නැවත අරඹන බව ඉඟි කරන chart රටාවකි.
නම් වශයෙන්, wedges,
rectangles සහ pennants ලෙස අපි continuation
patterns කිහිපයක් ඇත. Wedges සකස් වෙන බෑවුම මත රඳා පවතිමින්, reversal
pattern හෝ continuation pattern ලෙස සලකන අයුරු පහත දක්වා ඇත.






Bilateral (ද්විපාර්ශ්වික)
මිල අනෙක් දිශාවට චලනය විය හැකි බව ඉඟි කරන නිසා Bilateral chart patterns තරමක් දුෂ්කරය.
මෙය triangle formations පෙළ ගැසෙන ස්ථානයයි. මතක තබා ගත යුතු වන් නේ, triangles
මගින් මිල දෙපසටම බිඳ වැටිය හැකි බවය.



Chart Patterns Cheat Sheet
|
Chart
Pattern |
Forms
During |
Type of
Signal |
Next Move |
|
Double Top |
Uptrend |
Reversal |
Down |
|
Double
Bottom |
Downtrend |
Reversal |
Up |
|
Head and
Shoulders |
Uptrend |
Reversal |
Down |
|
Inverse
Head and Shoulders |
Downtrend |
Reversal |
Up |
|
Rising
Wedge |
Downtrend |
Continuation |
Down |
|
Rising
Wedge |
Uptrend |
Reversal |
Down |
|
Falling
Wedge |
Uptrend |
Continuation |
Up |
|
Falling
Wedge |
Downtrend |
Reversal |
Up |
|
Bearish
Rectangle |
Downtrend |
Continuation |
Down |
|
Bullish
Rectangle |
Uptrend |
Continuation |
Up |
|
Bearish
Pennant |
Downtrend |
Continuation |
Down |
|
Bullish
Pennant |
Uptrend |
Continuation |
Up |
Types of Breakouts
වෙළඳාම් කරන විට ඒවා වර්ග 2 ක් ඇති බව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ.
- Continuation breakouts
- Reversal breakouts
Continuation Breakouts
මෙය සිදු වන්නේ මිලදී ගන්නන් හා විකුණන්නන් මීළඟට කළ යුතු වන්නේ කුමක්දැයි බැලීමට විරාමයක් ගන්න විටයි. ප්‍රතිඵලය ලෙස, තහවුරු කිරීමක් ලෙස හඳුන්වන range-bound
චලනයේ පරිච්ඡේදයක් ඔබට දැක ගත හැකියි.
Reversal Breakouts
ප්‍රත්‍යාවර්තක පහළ වැටීම්, පවත්වාගෙන යාමේ පහළ වැටීම් මෙන් එකම මාර්ගයෙන් ආරම්භ වීම හේතුවෙන් දිගු බෑවුමකට පසුව විරාමයකට හෝ තහවුරු වීමකට නැඹුරු වේ.
එකම වෙනස නම්,තහවුරු වීමකට පසු වෙළෙන්ඳන් තීරණය කරනවා විරුද්ධ හෝ ආපසු දිශාවට මිල තල්ලු කිරීමට. ප්‍රතිඵලයක් ලෙස, ඔබ “ප්‍රත්‍යාවර්තක පහළ වැටීමක්” ලෙස හඳුන්වන දෙය සිදු වේ.



